Friday, October 25, 2024
Follow Us
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහර දුන් පුද්ගලයින් රක්ෂිත බන්ධානාගාරගත කෙරේ

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් දී රාජකාරියට බාධා කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊයේ (04) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එලෙස බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර ගොවිපොලේ හිමිකරු ද සිටි.

ඊයේ නාරම්මල ප්‍රදේශයේදී වැටලීමක් සඳහා ගිය පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම පහරකෑමට ලක්වී තිබුණි.

බිත්තර තොග සඟවාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙම නිලධාරීන්ට පහරදීම සිදු කර තිබේ.

සිද්ධියෙන් සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.