Friday, October 25, 2024
Follow Us
උතුම් වෙසක් පුන් පෙහොය අදයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි.

ශාසනික වැදගත්කම් රැසකින් සමන්විත වන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ලෝක වාසි බෞද්ධ ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි.