Saturday, October 26, 2024
Follow Us
සිනමා ඇකඩමිකයක්

සිනමාකරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව නැංවීමට සහ නවීණ තාක්ෂණය සිනමාකර්මාන්තයට යොදා ගැනීම සිනමාකරුවන් පුහුණු කරවන සිනමා ඇකඩමියක් අවශ්‍ය බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(02) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති ඉන්දියානු චිත්‍රපට උළෙලේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිණි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙරට සිනමාවේ පෝෂණයට ඉන්දියානු සිනමාව බොහෝ ඉවහල් වූ බවයි. ශ්‍රී ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමට නම් ඉන්දියානු සිනමාවේ අත්දැකීම් හුවමාරු කර ගැනීම් වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නේය.

අද ඉන්දියානු සිනමා කර්මාන්තය ආදායම් උපයන කර්මාන්තයක් බවට පත් වී තිබෙනවා. අදෘෂ්‍ය අපනයනයක් ලෙස ඉන්දියානු සිනමාව එරට ආර්ථිකයට විශාල බලපෑමක් කර තිබෙනවා. එවැනි බලපෑමක් ඇති කරන්න පුළුවන් දර්ශන තල මෙරට තිබෙනවා.
මෙරට සිනමාකරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව නැංවීමට සහ නවීණ තාක්ෂණය සිනමාකර්මාන්තයට යොදා ගැනීමට අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට ඉන්දියානු සිනමා ඇකඩමියක ආධාරය අපට අවශ්‍යයි. එවැනි ආයතනයක් සමග ඒකාබද්ධ වෙමින් දැනුම ලබා දෙන ආයතනයක් පිහිටුවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරමු යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට විදුර වික්‍රමනායක, මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා , ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරු , කන්නනඩ සිනමාවේ ප්‍රවීණයන්, චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.