Saturday, October 26, 2024
Follow Us
හදාගන්න බැරි මාස 3ට අඩු බිළිඳුන් බාර ගන්නා කවුළු

යම් හේතුවක් මත තමන්ට අනවශ්‍ය හෝ හදාවඩා ගැනීමට නොහැකි මාස 3ට අඩු බිලිඳු දරුවන් රහසිගතව හා සුරක්ෂිතව තබා යෑම සඳහා රජයේ රෝහල් හා පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන 379හි කවුළු ස්ථාපිත කිරීම හා ඒ සඳහා පවත්නා නෛතික තත්ත්වයන්ද සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සහ ප්‍රධානත්වයෙන් මේ රැස්වීම පැවැත්විණ.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු වෙත හෝ ඒවා මඟින් අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන වෙත භාර දීම හෝ රෝහල්, මහාමඟ වැනි වෙනත් ස්ථානවල අතහැර දමා සාමාන්‍යයෙන් සිදු වන අතර, ඉතා සුළු දරුවන් පිරිසක් එම මවුපියන් විසින් මරා දමන අවස්ථාද වාර්තා වන බව මෙම රැස්වීමට සහභාගි වූ නිලධාරීහු පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසූයේ මේ ක්‍රියාවලියට සම්බන්ධ සියලු ආයතනික නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර, මේ වැඩ පිළිවෙළට අවශ්‍ය නෛතික රාමුව ඇතුළු මාර්ගෝපදේශ පිළිබඳ සලකා බැලීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි.

මෙහිදී කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය විසින් දරුවන්ගේ මව කවුරුන්ද යන්න පිළිබඳ කෙදිනක හෝ දැනගැන්මට දරුවකු හ‍ට අවැසි වුව හොත් එය දරුවකුගේ අයිතිවාසිකමක් වන බැවින් මෙලෙස අත්හැර දමන බිලින්දන්ගේ මවුපියන් පිළිබඳ තොරතුරු රහස්‍යභාවය සුරැකෙන පරිදි හෝ යම් ලෙසකින් සටහන් කරගැනීමේ වැඩ පිළිවෙළක් සකස් වීම වැදගත් බවට අවධාරණය කළාය.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශ්ව නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීහු මේ විශේෂ රැස්වීමට සහභාගි වූහ.