Saturday, October 26, 2024
Follow Us
ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් සමත්වී තිබේ.


ප්‍රභාත් ජයසූරිය කඩුලු 50ක් දවාගැනීමට වැයකර ඇත්තේ ටෙස්ට් තරග 7ක් පමණි.

මේ අතර එම ටෙස්ට් තරග 7 තුළ ඉනිම 11ක පන්දු යවමින් ප්‍රභාත් මෙම කඩුලු 50 දවාගැනීමට සමත්විය.

ඒ අනුව අඩුම ඉනිම සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාව සමකිරීමට ද ප්‍රභාත් ජයසූරිය සමත්වීම විශේෂත්වයකි.