Saturday, October 26, 2024
Follow Us
සිංහල සිනමාවේ ජනාධිපති සම්මාන උළෙල 20 වන වරටත්

මෙරට සිනමාකරුවන් ඇගයීම පෙරදැරි කරමින් 1979 වසරේ එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් විසින් ආරම්භ කරන ලද ජනාධිපති සිනමා සම්මාන උළෙල 20 වන වරටත් මෙම වසරේ පැවැත්වීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු යොදා ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙවර සිනමා උළෙල සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදෙන වෙන්ඩොල් හර්බල්ස් සමාගම හා ජාතික චිත්‍රපට සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම අද (25) ජනමාධ්‍ය අමාත්‍යාශ පරිශ්‍රයේ පිහිටි ඇසිදිසි මැදුරේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ සිංහල සිනමා වංශ කථාවේ උත්කර්ෂවත් සම්මාන උළෙල ජනාධිපති සම්මාන උළෙල බවයි. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සමයේ ඇරැඹි මෙම උළෙල ඉනික්බිතිව වසර ගණනාවක් පැවැති අතර රටක් වශයෙන් අප පසුගිය සමයේ මුහුණදුන් අඳුරු කාලසීමාව පසුකරමින් කෙසේ හෝ මෙවර උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් රජය මුහුණපා සිටින දරුණු මූල්‍ය අපහසුතා මධ්‍යයේ ගොඩකන්ද හර්බල්ස් පුද්ගලික සමාගම ඊට අනුග්‍රහකත්වය ලබාදීම ඉතාමත් අගය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.