Saturday, October 26, 2024
Follow Us
අස්වැසුම සුබසාධක ප්‍රතිපාදන ලබාදීම ජුලි 1 සිට

අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජූලි මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව සංක‍්‍රාන්තික පවුල් සදහා ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා මසකට රුපියල් 2,500 ක් ලබා දීමට නියමිතය.

එමෙන්ම ලබන වසරේ මාර්තු 31 දක්වා අවදානමට ලක් වූ පවුල් සඳහා මසකට රුපියල් 5,000 ක් ලබා දීමට යෝජනා කර ඇති අතර දුප්පත් පවුල් සඳහා 8,500ක දීමනාවක් ජූලි පළමු වනදා සිට වසර 3ක කාලයක් ලබා දීමට තීරණය කර ඇත.

මීට අමතරව අන්ත දිළිදු පවුල් සඳහා ද රුපියල් 15,000ක දීමනාවක් ජූලි පළමු වැනිදා සිට වසර 03ක කාලයක් ලබා දීමට නියමිතය.