Saturday, October 26, 2024
Follow Us
හැඳුනුම්පත් ලබා ගැනිමේ විශේෂ වැඩසටහනක්

උප්පැන්න සහතිකයක් නැති වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේ විශේෂ වැඩසටහනක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කර තිබේ.

ඒ් සඳහා චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙම වැඩසටහන් පිළිබඳව දන්වා තිබේ.

උප්පැන්න සහතිකයක් නැති වීම හේතුවෙන් අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට මෙලෙස අයදුම් කළ හැකි වන පරිදි මේ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර, ඒ සඳහා ඡන්ද හිමි නාම ලේඛනයේ ස්ථිර පදිංචිය, දිවුරුම් ප්‍රකාශයක්, මුදල් ගෙවා ගත් ලදු පත ඇතුළු ලියවිලි ඉදිරිපත් කළ යුතු බව පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.

උපත් ලියාපදිංචිය නැති බවට අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කරනු ලබන හිස් ප්‍රතිඵල ලේඛනය සමඟ, දරුවන් සිටී නම් ඔවුන්ගේ උප්පැන්න සහතික, පාසල් හැර යෑමේ සහතික, වැඩිහිටි සහතික, විවාහ සහතික ඇතුළු ලේඛන සහතිව හැඳුනුම්පත ගැනීමට අයදුම් කළ හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.