Saturday, October 26, 2024
Follow Us
පාස්කු ප්‍රහාරය එල්ලවී අදට වසර හතරක්

මුළු ලෝකයේ ම දැඩි අවධානයක් යොමු වූ පාස්කු ප්‍රහාරය එල්ලවී අදට වසර හතරක් සම්පූර්ණ වේ.

පාස්කු ඉරිදා දේව මෙහෙයට එක් වූ පිරිස ට ඉතා අවාසනාවන්ත ලෙස ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණුදීමට සිදු විය. එනම් 2019 අප්‍රේල් 21 උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3 කට සහ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් 3 ක් ඉලක්ක කර ගනිමින් මෙම මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී තිබිණි.
මෙම පුපුරා ගිය බෝම්බවලින් ජීවිත අහිමි වූ ගණන 269 ක් වන අතර 500ක වැඩි පිරිසක් තුවාල ලැබා සිටියහ.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් විදේශිකයින් 46 දෙනෙකුට ද දිවි අහිමි වූහ.

මෙදින සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පවුල් 400 කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වූ අතර සදාකාලිකව ආබාධිතව රෝද පුටුවල දිවි ගෙවන පුද්ගලයින් සංඛ්‍යාව 17 කට අධික බවයා වාර්තා වන්නේ.

මෙහිදී අසාධාරණයට ලක් වූවන් මෙම සිද්ධියේ සාධාරණය ලබා දෙන ලෙස ඉල්ලා සිටිති.