Saturday, October 26, 2024
Follow Us
චීන කාන්තාවක් රිලවුන් ගැන කියන කතාවක්

 සිංහල භාෂාවෙන්  facebook පිටුවත් පවත්වාගෙන යන චීන ජාතික කාන්තාවක්  චීනයේ රිලවුන්  සම්බන්ධයෙන් පහත සඳහන් සටහන තබා ඇත.

"ශ්‍රී ලංකාව චීනයට රිළවුන් ලක්ෂයක් ලබාදීමට සූදානම් වන කතා බහ මේ වන විට ලංකාවේ සමාජය තුළ පැතිර ගිහින්. මගේ ලාංකික මිතුරන් මේ ගැන මගෙන් විමසුවා. ඇතැම් facebook රසිකයන් “චීනය ලංකාවෙන් රිළවුන් ගන්නේ මසට ද” කියන ප්‍රශ්නය පවා මතු කළා.

කාලය ගත වන විට සියලු ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලැබෙන බවයි මගේ විශ්වාසය.ඊට කලින් චීනයේ රිළවුන් පිළිබඳ තොරතුරු බිඳක් ලාංකික ඔබට කෙටියෙන් විස්තර කරන්න මට හිතුණා.
චීනයේ රිළා ගහනය ලක්ෂ 2ක් පමණයි. රිළවුන් ලංකාවේ වගා හානි විශාල වශයෙන් සිදු කරන වනසත්ව ලැයිස්තුවේ ප්‍රධාන ස්ථානයක් ගත්තත්, චීනයේ "ජාතික මට්ටමේ ආරක්ෂිත වනජීවී ලැයිස්තුවේ" දෙවන පන්තියේ ආරක්ෂිත සත්වයෙක් වශයෙනුයි සැලකෙන්නේ. රිළවුන් චීනයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනසත්වයෙක් බැවින් රටේ ප්‍රදේශ රැසක රිළා ස්වභාව රක්ෂිතයන් වෙන් කර තිබෙනවා. රිළවුන් වෙනුවෙන් කෘත්‍රිම අභිජනන කඳවුරු ද චීනය පිහිටුවා තිබෙනවා.


චීනය වනජීවී ආරක්ෂණ නීතිය බලාත්මක කළේ 1988 වසරේදී . ඒ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ කොන්ත්‍රාත් පාර්ශ්වයක් ලෙස චීනය ඉටු කරන කාර්යභාරයක් වශයෙන්. එබැවින් චීනයේදී රිළවුන් වැනි ආරක්ෂිත වනසතුන් මරා දැමීම ඇතුළු අයුතු ක්‍රියාවලට දැඩි නීති දඬුවම් ලැබෙන බව විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි."

" Sheng Li"