Saturday, October 26, 2024
Follow Us
අධික උණුසුම් තත්ත්වය ගැන ජනතාව දැනුවත් කිරීමක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වන විට බලපා ඇති අධික උෂ්ණ කාලගුණය හේතුවෙන් මතුවිය හැකි සෞඛ්‍ය ගැටලු කෙරෙහි අදාල අංශ නිකුත් කරන උපදෙස් අනුගමනය කරන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 
 
වයස්ගත පුද්ගලයින්ගේ රෝගින්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කළ යුතුය.
 
වැඩි වේලාවක් එළිමහනේ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් විජලනය හා මස්පිඩු පෙරලීම වැනි තත්ත්ව ඇතිවිය හැකි බැවින් වැඩි වශයෙන් ජලය පාලය කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. 
 
කුරුණෑගල, කිලිනොච්චි, වවුනියාව, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මේ දිනවල තද උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා ඇත.