Saturday, October 26, 2024
Follow Us
පෝරකයට නියමවූවන් පුනරුත්ථාපනයට

මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා බන්ධනාගාර තුළම ස්ථාන 6ක් ස්ථාපිත කර ඇතැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.

‘1934 වසරින් පසුව පළමු වරට මානුෂීය අන්දමින් මෙරට බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාරවල මේ වන විට 26000ක් පමණ සංඛ්‍යාවක් රඳවා සිටිනවා. ඉන් වැරදිකරුවන් වූ පුද්ගලයන් 8000ක් පමණ බන්ධනාගාරවල එලෙස ඉන්නවා.’ යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් පැවැසීය.

Aruna