Saturday, October 26, 2024
Follow Us

කොවිඩ් 19 ආසාදිත ගැබිණි මව්වරුන් දෙදෙනෙකුගේ බිළිඳුන්ගේ මොළයට හානි වී ඇති බවට පළමුවරට තහවුරු වී ඇති බව වාර්තා වී තිබේ.

ඒ ඇමෙරිකාවේ Miami විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකට අනුවයි.

2020 වසරේ දී ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය අතරතුර එන්නත් ලබාගැනීමට පෙර කොවිඩ් 19 ආසාදිත ගැබිණි මව්වරුන් දෙදෙනා දරුවන් බිහිකර තිබේ.

Miami විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පැවසුවේ, ඉපදුණු දිනයේ දීම බිළිඳුන් දෙදෙනාම වලිප්පුවකට ගොදුරු වූ අතර, පසුව සැලකිය යුතු වර්ධන ප්‍රමාදයක් නිරීක්ෂණය කළ බවයි.

එක් දරුවෙක් මාස 13 දී මිය ගිය අතර, අනෙක් දරුවා විශේෂ සත්කාරයේ තබා ඇත.

Miami විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය මර්ලින් බෙනී පැවසුවේ, බිළිඳුන්ට වෛරසය ආසාදිත බව තහවුරු නොවුවද, ඔවුන්ගේ රුධිරයේ ඉහළ මට්ටමේ කොවිඩ් 19 ප්‍රතිදේහ තිබූ බව යි.

ඒ අනුව, කොවිඩ් 19 වෛරසය මවගේ සිට වැදෑමහ වෙත ද පසුව දරුවාට ද සම්ප්‍රේෂණය විය හැකි බව හැඟවෙන බව වෛද්‍ය මර්ලින් බෙනී ප්‍රකාශ කර තිබේ.

ඇය තවදුරටත් පැවසුවේ, මියගිය දරුවාගේ මොළයේ වෛරසයේ අංශු මාත්‍ර පෙන්නුම් කළ අතර, එමඟින් තුවාල ඇතිවීමට හේතු වූ බව යි.

- අන්තර්ජාලය ඇසුරෙන්