Saturday, October 26, 2024
Follow Us
මිහින්තලා පොසොන් උත්සවය ගැන සාකච්ඡාවක්

2023 ජාතික පොසොන් උත්සවය පැවැත්වීම පිළිබඳ සාකච්ජාව මිහින්තලා පුදබිම මැද මළුවේ දී පසුගිය දා පැවැත්විණි. ඒ මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ අනුශාසනා පරිදි අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා එන්.ජී අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන්.


ඒ අනුව මැයි මස 31 වන දින සිට ජූනි මස 6 වන දින දක්වා කාලය පොසොන් සතිය ලෙස නම් කර ඇත. ජුනි මස 02 දා සිට 4 වන දා දක්වා ආලෝක පූජාවෙන් මිහින්තලා පුදබිම ආලෝකවත් කිරීමට සැලසුම් කර තිබේ.
2023 ජුනි මස 2 වන දින රාත්‍රියේ දී මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මිහිඳු පෙරහැර රාත්‍රි වීදි සංචාරය කෙරේ. පෙරහැර මිහින්තලේ ඉසුරු උයන මාවතේ සිට මහ වීදිය ඔස්සේ පැමිණ කටු සෑය අසලින් නිමා වේ.