Saturday, October 26, 2024
Follow Us
උත්සව සමයේ ගම්බින් බලා යාමට බස්රථ 7,000ක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට ලංගම හා පෞද්ගලික බස් රථ හත්දහසක් යොදවා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සම්බන්ධීකරණයෙන් බස් රථ 3,000ක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 4,000ක් යොදවා තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඔහු ප්‍රකාශ කළේ මගී අවශ්‍යතාව මත යෙදවීම සඳහා තවත් පුද්ගලික බස් රථ තුන්සියයක ඇණියක් ද සූදානම් කර ඇති බවයි .

කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළ හරහා ගම්බිම් බලා යන මගීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් විශේෂ සැලැස්මක් ක්‍රි යාත්මක බවත් ඒ අනුව බස් රථ ධාවන කාල වරින් වර වෙනස් කරමින් සේවා අවශ්‍යතාව මත බස් රථ යොදවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.