Saturday, October 26, 2024
Follow Us
වැඩි මුදල් අය කළ පෞද්ගලික රෝහලකට රු. ලක්ෂ 15ක දඩයක්

ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1450 ක මුදලක් ලබාගත් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් නියම කර තිබෙන බව වාර්තා වෙයි .

මෙම දඩය පුද්ගල පාරිභෝගික අධිකාරි ඉතිහාසයේ පෞද්ගලික රෝහලකට හෝ රසායනාගාරයක් සඳහා නියම කළ වැඩිම දඩ මුදල බවයි වාර්තා වන්නේ .

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා ගැසට් පත්‍රයේ සඳහන් නියමිත ගාස්තුව වන රුපියල් 1200 මිල ඉක්මවා 2500 ක මුදලක් අය කිරීම , පූර්ණ රුධිර ගණන පරීක්ෂණය (fbc) සඳහා නියමිත ගාස්තුව වන රුපියල් 400 ක මුදල ඉක්මවා රුපියල් 550ක මුදලක් රෝගීන්ගෙන් අය කර තිබූ බවට සිදුකළ වැටලීමේදී අනාවරණය වී ඇත.

මෙම චෝදනා දෙක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කිරීමෙන් අනතුරුව එකී දඩ මුදල නියම කර තිබේ.