Saturday, October 26, 2024
Follow Us
අලුත් අවුරුදු සමයේ රිය අනතුරු වැඩිවීමේ අවධානයක්

අලුත් අවුරුදු සමයේ සහ නත්තල් සමයේ රියඅනතුරු වැඩි වශයෙන් සිදු වන බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික ආචාර්ය සංජය පෙරේරා පවසයි.

ඉකුත් වසරේ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පාසල් සිසුන් 411 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වී තිබේ.

ගතවූ අවසන් වසර 12ක කාලය තුළ දී මෙරට සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 35,000 ක් මියගොස් ඇති බවයි. එය වසර 30 ක් පුරා පැවැති යුද්ධයෙන් මියගිය පිරිසට වඩා වැඩි බව ද ඔහු අනාවරණ කළේය.
රිය අනතුරු අවම කර ගැනීම සඳහා මෙරට ජනතාව කඩිනමින් ක්‍රියාකළ යුතු බව ද ඒ් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Neth