Saturday, October 26, 2024
Follow Us
ශ්‍රීලංකන් ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවා සේවයෙන් සමුගනියි

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උත්පල කුමාරසිංහ ඉතිහාසගතවන මතකයක් ඉතිරිකරමින් සිය සහෘද සේවකයින්ගේ හරසර මැදින් ගුවන් නියමුවෙකු ලෙස වසර 40ක සිය සේවය ඊයේ (31) නිම කළේය.

ඔහුගේ සිය සේවය අවසන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-138 දරණ යානයෙන් ඉන්දියාවේ මදුරාසියේ සිට මෙරටට පැමිණෙමිනි .

මෙම ඓතිහාසික අවස්ථාවේදී එම යානයේ සහාය නියමුවා ලෙස ඔහුගේ පුත් ගුවන් නියමු රහල් කුමාරසිංහ එක්ව සිටීම තවත් විශේෂත්වයකි

ඔහු සේවා සමුගැනීම වෙනුවෙන් උපහාර උළෙලක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සංවිධානය කර තිබූ අතර එහිදී එම යානයට චාරිත්‍රානුකූල ගුවන් ජල ආචාරයක් ද සිදුකළේය.

උත්පල කුමාරසිංහ 1979 වසරේ දී සහකාර ගුවන් මෙහෙයුම් නිලධාරියෙකු ලෙස ගුවන්සේවයට එක් ව ඇති අතර 1982 වර්ෂයේදී පුහුණු ගුවන් නියමුවරයෙක් ලෙස සේවය ආරම්භ කර තිබේ. 

 පසුව 1993 වසරේ දී ගුවන් නියමුවරයෙක් ලෙස ගුවන් සේවයට එක්ව ඇත. ඒ අනුව ඒ අද සිය විශ්‍රාම දිවියට පා තබන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවරයා ලෙස රාජකාරී කරමින් සිටියදීය.

Aruna