Saturday, October 26, 2024
Follow Us
මහාචාර්ය චන්දිම ජීවන්දර හොඳම තරුණ විද්‍යාඥයන් 6 අතරට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයන්) හය දෙනා අතරට තේරී පත්ව ඇත.

මෙරට තරුණ විද්‍යාඥයකු ප්‍රතිශක්තිකරණවේද සම්මානය ජයග්‍රහණය කරන ප්‍රථම අවස්ථාව මෙය වේ. ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැප වී කටයුතු කරන විද්‍යාඥයන් ඇගයීම උදෙසා බ්‍රිතාන්‍ය ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන්ගේ සංගමය පවත්වන මේ සම්මාන ප්‍රදානෝත්සවය අප්‍රේල් 20 එංගලන්තයේ රාජකීය වෛද්‍යවරුන්ගේ ආයතනයේදී පැවැත්වේ. සම්මානය හිමි කරගත් හය දෙනාගෙන් සෙසු පස් දෙනාම බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර, ලාංකික විද්‍යාඥයකු ඒ අතරට තේරී පත් වීම විශේෂත්වයකි. මහාචාර්ය චන්දිම ජීවන්දර කොවිඩ් වයිරසය මෙරට පැතිරීම සම්බන්ධයෙන් පුරෝගාමි පරීක්ෂණ රැසක් සිදු කර, ඒ සම්බන්ධයෙන් අලුත් තොරතුරු රැසක් අනාවරණය කරගත් විද්‍යාඥයෙකි.