Saturday, October 26, 2024
Follow Us
ලෝක ජනගහණයෙන් 70%කට පිරිසිදු ජලය සපයා ගැනීම අභියෝගයක්

ලෝක ජනගහනයෙන් 70%කට වැඩි පිරිසක් පිරිසිදු ජලය සපයා ගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

“ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙකුගෙන් තිදෙනෙකු ජීවත් වන්නේ ජල අනාරක්ෂිත රටවල. ජලය ආශ්‍රිත විපත්වලට වඩා වැඩි පිරිසක් මිය යන්නේ ආරක්ෂිත පානීය ජලය සහ සනීපාරක්ෂක සේවාවන් නොමැතිකමෙනි." යනුවෙන්ද එම වාර්තාවේ සඳහන් වේ.

එහි දැක්වෙන අන්දමට පාකිස්තානයේ 50%ක ජනතාව පානීය ජලය සපයා ගැනීමේදී දැඩි ගැටලුවලට මුහුණ දෙයි.

එක්සත් ජාතීන්ගේ ජල, පරිසරය සහ සෞඛ්‍ය ආයතනය ප්‍රකාශයට පත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ පාකිස්තානය සහ තවත් රටවල් 22ක් “ජල අනාරක්ෂිත” කාණ්ඩයට ඇතුළත් කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව පාකිස්තානයට අමතරව සොලමන් දූපත්, එරිත්‍රියාව, සුඩානය, ඉතියෝපියාව, වනුවාටු, ඇෆ්ගනිස්ථානය, ජිබුටි, හයිටි, පැපුවා නිව්ගිනියා, සෝමාලියාව, ලයිබීරියාව, ශාන්ත කිට්ස් සහ නෙවිස්, ලිබියාව, මැඩගස්කරය, දකුණු සුඩානය, මයික්‍රොනීසියාව, නයිජර්, සියෙරා ලියොන්, යේමනය, චැඩ්, කොමරෝස් සහ ශ්‍රී ලංකාව යන රටවල ජනතාව ජීවත් වෙන්නේ ජල අනාරක්ෂිත පසුබිමකය.

කෙසේ වෙතත් ඩෙන්මාර්කය, ලක්සම්බර්ග්, ඔස්ට්‍රියාව, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, අයිස්ලන්තය, අයර්ලන්තය, ප්‍රංශය, ලිතුවේනියාව, ග්‍රීසිය, ජර්මනිය, එක්සත් රාජධානිය, එස්තෝනියාව, ඉතාලිය, ලැට්වියාව, ස්පාඤ්ඤය, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ක්‍රොඒෂියාව, චෙෂියාව, පෘතුගාලය සහ ස්වීඩනය ඉහළම මට්ටමේ ජල සුරක්ෂිතතාව ඇති රටවල් ලෙස ශ්‍රේණිගත කර ඇත.

Aruna