Saturday, October 26, 2024
Follow Us
නුවරඑළිය වසන්තය සැණකෙළිය අප්‍රේල් 1 සිට

නුවරඑලිය වසන්ත සැණකෙළිය අප්‍රේල් මස 1වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නුවරඑළිය මහ නගර සභාව සියලු කටයුතු සුදානම් කර තිබේ.

නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න පැවසුවේ ක්‍රීඩා උත්සව රැසකින් සමන්විතව මෙරව වසන්ත සැණකෙළිය මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට පියවර ගෙන ඇති බවත්, ඊට සමගාමිව නුවරඑළිය නගරය, ග්‍රෙගරි වැව, ග්‍රෙගරි වැව උද්‍යානය, වික්ටෝරියා උද්‍යානය ඇතුළු සංචාරක නැරඹුම් ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරන ලබන බවයි.

එම සැණකෙළිය වෙනුවෙන් අද (30) සිට නුවරඑලිය වික්ටොරියා උද්‍යානයේ ළමා ක්‍රිඩාංගණයේ කුඩා දුම්රියක් ද ධාවනය කිරීම නුවරඑලිය මහ නගර සභාව පියවර ගෙන තිබේ.

නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්, දරුවන්ට මෙම දුම්රියෙන් ළමා උද්‍යානය පුරා කිලෝමිටර් 1 පමණ දුර ගමන් කිරිමට අවස්ථාව හිමිවන අතර , ඒ සඳහා රු 100 ක ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අය කරනු ලබයි.