Saturday, October 26, 2024
Follow Us
අභාවප්‍රාප්ත මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරදා

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා සවස 5ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ වනවිට එම දේහය නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි සනත් නන්දසිරි මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

නන්දසිරි මහතා අද (28) පෙරවරුවේ මියගියේ නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී වන අතර ඒ් මහතා මිය යන විට 81 වන වියේ පසුවිය.

මෙම ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පි සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා දශක හයකට අධික කාලයක් සිය මධුර හඬින් රසික හදවත් මුසපත් කළේය.