Saturday, October 26, 2024
Follow Us
සිසුන් නිසා ගුරු මාරු කල් යයි

ගුරු මාරු වීම් නිසා, සිසුන්ගේ අධ්‍යාපනයට යම් ගැටලුවක් ඇති වේ නම් එවැනි මාරු වීම් තවදුරටත් කල්දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගුරු මාරුවීම් හේතුවෙන් දහස් ගාණක් ගුරුවරු බලවත් අසාධාරණයකට ලක්ව ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ ගුරු මාරුවීම් ගැටලුව සඳහා මේ වන විට විසඳුම් ලබා දී ඇති බවයි.

වසර දහයකට වඩා වැඩි කාලයක් එකම පාසලේ සේවය කළ ගුරුවරු දහසකට ආසන්න සංඛ්‍යාවකට මෙලෙස මාරු වීම් ලබා දී තිබේ. එහෙත් ගුරු මාරුවීම් මගින් දරුවන්ට යම් බලපෑමක් එල්ල වේ නම් එවැනි මාරු වීම් තවදුරටත් කල් දමා ඇතැයිද හෙතෙම පැවසීය. එළඹෙන මැයි මාසයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ගුරුවරුන්ට , මෙලෙස මාරු වීම් කල් දමා තිබේ

වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ,

විෂය අනුව තුලනාත්මක ලෙස මෙම ගුරු මාරු කටයුතු කරනවා. වසර 10ට වැඩිය එකම පාසලේ සිටි ගුරුවරුන් සඳහා මෙම ගුරු මාරුව ක්‍රියාත්මක කරනවා ඒ අනුව ගුරුවරු 8893 කට මෙලෙස මාරු වීම් ලබා දීමට තිබෙනවා.එයින් 681 දෙනෙක් ප්‍රාථමික අංශයේ ගුරුවරු. එයින් ලිපි 388ක් මේ වන විටත් තැපැල් කර තිබෙනවා. ඉතිරි ලිපි 293 අද තැපැල් කිරීමට බලාපොපොරොත්තු වෙනවා. අප්‍රේල් නිවාඩුවෙන් පසු අප්‍රේල් 17 පාසල් ආරම්භ වූ පසු ඉතිරි ලිපිද තැපැල් කීරිමට බලාපොරොත්තු වෙනවා. 2020,2021 සහ 2022 යන වර්ෂ තුනේදීම ගුරු මාරුවීම් සිදු කිරීමට නොහැකි වූ බවත් මෙම වසර අවසානයේ ගුරු මාරුවීම් 14500ක් ලැබී තිබෙනවා. විෂය වර්ගය අනුව තුලනාත්මකව මෙම මාරු වීම් සිදු කරනවා. වසර 10ට වැඩි කාලයක් එකම පාසලේ සිිටින ගුරුවරුන්ව අනිවාර්යයෙන්ම මාරු කරනවා මෙම වසර තුනේම මාරුවීම් එකතු වූ නිසා මෙවර මාරු වීම් ප්‍රමාණාත්මකව වැඩි වී තිබේ. මේ වන විට මුළු මාරුවීම් 8093ක් අනුමත වී තිබෙනවා.මෙයින් ප්‍රාථමික අංශයේ මාරුවීම් 681ක් අනුමත වී තිබෙනවා. එයින් ලිපි 388ක් තැපැල් කර තිබෙනවා.දළ වශයෙන් 1000කට ආසන්න සංඛ්‍යාවක් තමා ඉන්නේ. එහෙත් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ කරන ගුරුවරු සඳහා යම් කාලසීමාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අභියාචනා කළ ගුරුවරු හැර අනෙකුත් ගුරුවරුන්ගේ මාරු වීම් ලිපි තැපැල් කර තිබෙනවා.