Saturday, October 26, 2024
Follow Us
ලොව වඩාත් ම සතුටින් සිටින රට

ලොව වඩාත්ම සතුටින් මිනිසුන් සිටින රට බවට ෆින්ලන්තය පත්ව තිබේ.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත්, තෙවැනි ස්ථානය අයිස්ලන්තයටත් හිමිව ඇත.

ලැයිස්තුවේ ඊළඟ ස්ථානවලට පිළිවෙළින් පත්ව ඇත්තේ ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ නවසීලන්තය යන රටවල්ය.

සතුටු දර්ශක වාර්තාව සකස් කර ඇත්තේ සමාජ සහාය, ආදායම, සෞඛ්‍ය, නිදහස, වාර්ගිකත්වය සහ දූෂණ මර්දනය යන කරුණු පදනම් කරගනිමින් බව විදෙස් මාධ්‍ය පවසයි.

ෆින්ලන්තය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණියේ අඛණ්ඩ 6වැනි වරටය