Saturday, October 26, 2024
Follow Us
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතමයන්ට සම්මාන

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මාණශීලි නිපැයුම් හා නව සොයාගැනිම් ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයිමට ලක්කිරිම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සම්මාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්ව්වි උත්සව ශාලාවේදි පැවැත්විණි.

2022 වර්ෂය තුළ ගුවන් හමුදාවේ එක් එක් වෘත්තින්ට අදාළ විශිෂ්ඨතම ගුවන් භටයා තේරිම පිළිගත් ක්‍රමවේදයකට අනුව එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණයන් යටතේ සිදුවිය.

අනතුරුව ගුවන් හමුදාධිපති විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා හා ගුවන් කාන්තාව වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සම්මාන ලබන අතර නව සොයාගැනීම් හා නව නිපයුම් සිදුකරනු ලබන කාණ්ඩායම් සඳහාද මෙහිදි සම්මාන පිරිනමන ලදි.