Saturday, October 26, 2024
Follow Us
සුළු වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවන නීතියක්

සුළු වරදක් කර අධිකරණ මඟින් රිමාන්ඩ් භාරයට පත් කරන රැඳවූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ රඳවන නීතියක් සම්පාදනය කෙරෙමින් පවතින බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අදාළ කෙටුම්පත මේ දිනවල සැකසෙමින් පවතින බවත්, බන්ධනාගාර තදබදය අවම කිරීම හා දරුණු අපරාධකරුවන් බිහි වීම අවම කිරීම අරමුණු කරගෙන මේ නීතිය හඳුන්වා දෙන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සුළු වරදි කර බන්ධනාගාරගත වන පුද්ගලයන් බන්ධනාගාරගත කළ පසු දරුණු අපරාධකරුවන්ගේ ඇසුරට පත් වීමෙන් නොමඟට යොමු වන බවත්, මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර නීතිරීතිවලට අනුකූලව, අධිකරණයේ අභිමතය පරිදි වරදකරුවන් පූර්ණ අධීක්ෂණය හා බැඳුම්කර යටතේ ඔහුගේ ළඟම ඥාතියකු හෝ වෙන යම් පුද්ගලයකු භාරයේ නිවාස අඩස්සියේ තැබීම මෙහිදී සිදු කරන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.