Saturday, October 26, 2024
Follow Us
“ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන” සඳහා 2023 පාසල් ලියාපදිංචිය ඇරඹේ

අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වෙමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන ළමා ආරක්ෂාව පිළිබඳ “පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන” 2023 වර්ෂය සඳහා පාසල් ලියාපදිංචිය ආරම්භ කර තිබේ.


මෙම වැඩසටහන සඳහා රජයේ පාසල්/අර්ධ රාජ්‍ය පාසල්/පිරිවෙන්/පෞද්ගලික පාසල් සහ අන්තර්ජාතික පාසල් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂිකව ලියාපදිංචි විය යුතුය. 2022 වර්ෂයේ මෙම වැඩසටහන සඳහා ලියාපදිංචිය ලබා නොගත් පාසල්වලට 2023 වසර සඳහා ලියාපදිංචි විය හැකිය. ලියාපදිංචි වීමේ අවසන් දිනය 2023.04.30 වේ.

ළමා ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන සඳහා සහභාගිවීමට කැමති පාසල් සඳහා ලියාපදිංචි වීමේ පෝරමය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවියෙන් (www.childprotection.gov.lk) බාගත කරගත හැකිය. වැඩිදුර තොරතුරු ප්‍රධාන කාර්යාලයෙන් 011-2778911 දිගුව (142 හෝ 144) හෝ අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී (DCPO), දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරී (DPSO)හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන්ගෙන් (DivCPO) ලියාපදිංචිවීමේ පෝරමය සහ තොරතුරු ලබාගත හැකිය.