Saturday, October 26, 2024
Follow Us
මෙවර රාජ්‍ය වෙසක් උළෙල පුත්තලමේදී

රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්විණි.

පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම්කර ඇති අතර ඒ සඳහා ජාතික තලයේ මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ ආයතන සමඟද ඒකාබද්ධ වෙමින් කටයුතු කරන බව වැඩසටහන පිළිබඳව පැහැදිලි කළ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ ය.
වෙසක් පුර්ව වැඩසටහන් වෙසක් සතිය තුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක් උත්සවය හා වෙසක් පෝය දින වැඩසටහන් පිළිබඳව ද නිලධාරිහු මෙහිදී සාකච්ඡා කළහ.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව මෙවර වෙසක් උත්සවය සංවිධානය කරනු ලබයි.
පත්තඩුවන භික්ෂු පුහුණු ආයතනයාධිපති හිටපු අධ්‍යාපන උපදේශක අධ්‍යාපනවේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෙමත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ, දියකලමුල්ල ශ්‍රී පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහලේඛකාධිකාරි පූජ්‍යතර අත්තංගනේ සාශනරතන ස්වාමින් වහන්සේ, කුලියාපිටිය අස්වැද්දුම ශාසනාලංකාර පිරිවෙන් විහාරාධිපති ශ්‍රීශ්‍රී ලංකා රාමාඤ්ඤ මහනිකායේ රිත්‍රිපිටක අධ්‍යාපන අංශාපති අතිපූජ්‍ය පල්ලේකාගම රතනභාරති ස්වාමින් වහන්සේ, හලාවත කැබැල්ලෑවල රතනසිරි පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමාඤ මහනිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි පුත්තලම දිස්ත්‍රික් සාශනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමින් වහන්සේ, හලාවත පුත්තලම දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක, පුත්තලම දිස්ත්‍රික් ශානාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි දේශකීර්ති, ආරච්චිකට්ටුව කරුක්කුව ශ්‍රී ජයතිලකාරාමයේ විහාරාධිපති පූජ්‍ය නවදන්කුලමේ මේධානන්ද ස්වාමීන් වහන්සේ, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල සභාපති ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, අන්‍යආගමික පුජකවරුන්, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු විදේශ කටයුතු නියෝජ අමාත්‍ය නියෝමාල් පෙරේරා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු සහ විවිධ රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.