Saturday, October 26, 2024
Follow Us
වසරේ දැවැන්තම ආහාර පාන සැණකෙළිය හෙට සහ අනිද්දා

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මගින් සංවිධානය කරන Western Breeze Festival - ආහාර පාන සැණකෙළිය - 2023 මාර්තු මස 17 සහ 18 යන දෙදින තුළ වත්තල වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

දේශීය ආහාර පානවලට අමතරව ප්‍රංශ, ඉතාලි, ජර්මන්, චීන සහ තවත් රටවල විවිධ ආහාර පාන මෙහිදී ප්‍රදර්ශනය කිරීම සහ භුක්ති විඳීමේ හැකියාව සහභාගීවන්නන් සඳහා අවස්ථාව සලසා ඇත. සැණකෙළිය ප.ව. 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වේ.
තුඩා දරුවන් සඳහා විනෝද ක්‍රීඩා ඇතුළුව විශේෂ ළමා සැනකෙළි කලාපයක් ඉදි කර ඇති මෙම සැණකෙළිය වර්ණවත් කිරීම සඳහා මල්වෙඩි සංදර්ශන, ගිණිකෙළි සංදර්ශන, දැවැන්ත සංගීත සංදර්ශනය ඇතුළුව සංස්තෘතිකාංග රැසක් සංවිධානය කර ඇත.
වසරේ දැවැන්තම ආහාර පාන සැණකෙළිය වශයෙන් පැවැත්වෙන මෙම සැණකෙළිය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා ප්‍රථම අඩිතාලම වශයෙන් පැවැත්වීමට අමතරව මෙම සැණකෙළිය මගින් ලංකාවේ සුළු ව්‍යාපාරික ප්‍රජාව ගේ ආදායම් මාර්ග උත්පාදනය කිරීමේ මාර්ගයකට පිවිසීමේ ප්‍රධාන අරමුණක් වශයෙන් පවත්වන බවත් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා පවසීය.