Saturday, October 26, 2024
Follow Us
අලුත් උපන් දරුවන් වෙනුවෙන් හැදෙන තැනක්

ඇති දැඩි කර රැක බලාගැනිමට නොහැකි අලුත උපන් දරුවන්ගේ රැකවරණය සඳහා දරුවන්ගේ ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.


අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන කළාය.
ඇය ප්‍රකාශ කළේ අලුත් උපන් දරුවන් මෙම මධ්‍යස්ථානය තුළ රැකබලා ගැනීමට කටයුතු සිදු කරන බවයි .

අදාළ මධ්‍යස්ථානය කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය .