Saturday, October 26, 2024
Follow Us
අධි සුඛෝපභෝගී මගී නෞකාවක් ශ්‍රී ලංකාවට
ප්‍රින්සස් කෘෘස්‘ (Princess Cruise) හි අධි සුඛෝපභෝගී මගී නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ වරායට ඊයේ (11) පැමිණ තිබේ.
 
සංචාරක අමාත්‍යාංශය පැවසුවේ මෙම නෞකාවෙන් සංචාරකයින් 1894 දෙනෙකු පැමිණ ඇති බවත් එහි  කාර්ය මණ්ඩලය 906 දෙනෙකු බවත්ය.
 
නෞකාවෙන් පැමිනි සංචාරකයින් අතරින් 159දෙනෙකු කොළඹ වරායෙන් ගොඩ බැස ඇති අතර ඔවුන් මහනුවර, පින්නවල, මීගමුව, ඉංගිරිය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය. 
 
නෞකාව ඊයේ පස්වරු 07.30ට ඩුබායි බලා පිටත්ව ගියේය. 
 
ප්‍රින්සස් නෞකාව දැනට දින 112ක, ලොව වටා සංචාරය කර ඇති අතර මෙහි ගමන ආරම්භය  2023 ජනවාරි 05 දින ආරම්භ වී ඇති අතර 2023 අප්‍රේල් 27 දිනෙන් අවසන් වේ.