Saturday, October 26, 2024
Follow Us
ගාලු උරුමය පදනමට නව සමාජීකයින් පත් කෙරේ

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ගාලු උරුමය පදනමෙහි කළමනාකරණ මණ්ඩලය සඳහා නව සමාජීකයින් පත් කිරීම ඊයේ (09) ගාලු උරුමය පදනම පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

ගාලු උරුමය පදනමෙහි නව සභාපතිවරයා ලෙස ආචාර්ය ටී.එම්.ජේ.එන්.කුරේ මහතා පත් වූ අතර ඒ.එච්.අනිල් කුමාරසිරි, චාමිකර පිලපිටිය, එච්.කේ.බාලචන්ද්‍ර, මහාචාර්ය විජේරත්න බෝහිංගමුව යන මහත්වරු කළමනාකරණ මණ්ඩලයෙහි නව සමාජීකයින් ලෙස පත් කෙරිණි.
නව සභාපතිවරයා ලෙස පත් වූ ආචාර්ය ටී.එම්.ජේ.එන්.කුරේ මහතා ගාලු උරුම පදනමෙහි ඉදිරි සැලසුම් පිළිබඳව මෙහි දී අමාත්‍යාංශයේ හා පැමිණි සිටි අනෙකුත් ආයතනවල නිලධාරීන් වෙත පැහැදිලි කළේය.
ගාලු කොටුව පරිශ්‍රය විදේශීය සංචාරකයින්ට පමණක් සීමා නොකොට දේශීය සංචාරකයින් සහ තරුණ ප්‍රජාව සමඟ එක්වී නව තාක්ෂණ ප්‍රයෝග භාවිතා කරමින් ප්‍රවර්ධන කටයුතු සිදු කරන්නැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී සඳහන් කළේ ය.
ගාලු උරුමය පදනමෙහි ඉදිරි ක්‍රියාමාර්ග හා ඔවුනට පවතින ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.