Saturday, October 26, 2024
Follow Us
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

සෑම වසරකම මාර්තු 08 වෙනිදාට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි තිබේ.

මෙවර කාන්තා දිනයේ ජාතික සැමරුම් තේමාව වන්නේ “ඇය දෑයේ අභිමානයයි” යන්නයි.

ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ අභිවෘද්ධිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය ප්‍රවර්ධනය මෙන්ම හිංසනය පිටු දැකීම පිළිබඳ සමාජ සංවේදීතාවයක් ඇති කිරිම සඳහා මෙම දිනය සමරනු ලබයි.

1909 වසරේ දී උතුරු ඇමරිකාවේ යුරෝපයේ කම්කරු සංවිධානයන් හි ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුම වාර්ෂිකව ආරම්භ වී ඇත.
ශ්‍රී ලංකාවේ කාන්තා දිනය සැමරීම ප්‍රථම වතාවට ආරම්භ කර ඇත්තේ 1978 වර්ෂයේ සිටය.