Saturday, October 26, 2024
Follow Us
18 වංගුව මාර්ගය වසා දැමේ

දැඩි වාර්ෂාවත් සමග පස් කඳු කඩා වැටීම නිසා මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පොලීසිය කටයුතු කර තිබේ.

ඒ අනුව 18 වංගුව මාර්ගය වසා දමා ඇත. 13 සහ 14 වංගු අතර මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා මේ ආකාරයට එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

තැන්නෙකුඹුර ඔරලෝසු කණුව හන්දිය අසලින් රන්දෙණිගල - බදුල්ල මාර්ගය හෙවත් රජ මාවත ඔස්සේ පැමිණ 21 හන්දියෙන් වමට ධාවන කර බදුල්ල - මහියංගනය මාර්ගය ඔස්සේ මහියංගනය නගරයට පැමිණිය හැකි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරීමේ කටයුතු අද සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත