Saturday, October 26, 2024
Follow Us
තෙළිඟු ජනතාගේ ගැටලුවලට කඩිනම් විසඳුම්

තෙළිඟු ජනතාවට පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

තෙළිඟු ජනතාව සමග පසුගියදා පැවති සාකච්ඡාවක දි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දැනට තෙළිඟු ජනතාව ජීවත් වන ගම්මාන 07ක් පිහිටා තිබෙන අතර පාරම්පරික සංස්කෘතික සම්ප්‍රදායික (නාගයින් භාවිතා කරමින් කෙරෙන රඟදැක්වීම් වැනි) හැකියාවන් දෙස් විදෙස් සංචාරකයන් වෙත ප්‍රදර්ශණය කරමින් ඉන් ලැබෙන මුදල්වලින් ඔවුන් තම ජීවනෝපාය සලසා ගනි.

වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන සීගිරිය, ගාල්ල, ත්‍රීකුණාමලය උණුවතුර ලිං අසල වැනි ප්‍රදේශයන් හී මෙසේ එම ජනතාවගේ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් දැනට අවුරුදු 40ක පමණ කාලයක සිට මෙසේ ඔවුන් ජීවත් වූ බවත්, මේ වන විට එය සිදු කර ගැනීමට නොහැකි බවත් තෙළිඟු ජනතාව අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

එසේම, තඹුත්තේගම තිබෙන සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර එය යළි පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහාත් යෝජනා ඉදිරිපත් කෙරුණු අතර එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සලසන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කේ.ආර්.අනවත්තු තෙළිඟු ජනතා නායක, සමස්ත ලංකා තෙළිඟු ජන සංගමයේ ලේකම් ඩී නිමල් මහතා ඇතුළු නිලධාරීන් සහ සාමාජිකයන් මෙම අවස්ථාවව එක්ව සිටියහ.