Saturday, October 26, 2024
Follow Us
විදේශගත වන ශ්‍රමිකයින්ට ආරක්ෂාවක්

මිනිස් ජාවාරම් වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ ජෛවමිතික තොරතුරු (Bio Metrix) ඇතුළත් කිරීමට ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය ඊයේ (01) සිය එකඟතාව පළ කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ අමාත්‍යවරයා සහ ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකායේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සහ නිලධාරීන් සමග ඊයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවේ දී යි.

මේ මඟින් විදෙස් රැකියා මුවාවෙන් කරගෙන යන්නා වූ මිනිස් ජාවාරමට වැට බැඳීමටත්, එමගින් ශ්‍රමිකයාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත් හැකියාව ලැබෙන අතර, මෙරට ආර්ථිකය ශක්තිමත් කිරිමට උරදෙන විගමණික ශ්‍රමිකයාගේ ආරක්ෂාව තවත් පියවරකින් ඉහළ නැංවීමට ද අවස්ථාව සැලසෙනු ඇත.