Saturday, October 26, 2024
Follow Us
ශ්‍රී ලංකා සංස්කෘතිය රැකීමට ඉතාලි සහයෝගය

අපේ රටේ සංස්කෘතික උරුමයන් රැකගැනීම සඳහා ඉතාලි රජයේ සහයෝගය ලබා දීමේ අරමුණින්, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර උරුම සංසදයේ පළමු පියවර පසුගිය දා ඉතාලි තානාපති කාර්යාලයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත , බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියා සිටියේ, මෙම වැඩසටහන ආරම්භයක් පමණක් වන බැවින්, පියවරෙන් පියවර මෙම උරුම සංසදයේ කටයුතු ඉදිරියට ගෙන යමින්, ඵලදායී ලෙස එම අදහස් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේ දී කටයුතු කිරීම වඩාත් වැදගත් වන බවය.

මෙම හමුවෙන් පුරාවිද්‍යා, කෞතුකාගාර කළමනාකරණය, සංස්කෘතික උරුමයන් සංරක්ෂණය සහ අගය කිරීම යන ක්ෂේත්‍රයන් හී දෙරට අතර අදහස් හුවමාරුව සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන බව පැවසිය.

මහාචාර්ය ගාමිණී විජේසූරිය මහතා විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම රැස්වීම සඳහා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යශයට සම්බන්ධ ආයතන ප්‍රධානීන් ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටියහ.