Saturday, October 26, 2024
Follow Us
ජාජබ කළේ නීති විරෝධී වැඩක්

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම තහනම් බවත් , ජාතික ජනබලවේගයේ පෙළාපාලිය පොලිස්  නවතා දැමුවද  ඔවුන් පැවැත් වු ජනහමුවට කිසිදු බාධායක් සිදු නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අවසර ලබාගෙන සාමාකාව පවත්වන උද්ඝෝනවලට පොලිසිය කිසිදු බාධාවක් සිදු නොකරන බවත්, මාර්ග, පෙළපාලි යාමට අවසර හිමි නොවන බවද හෙතෙම කියා සිටියේය.

ඒ සදහා ඔවුන්ට නිදහස තිබෙන බවත්, මීට දින කිහියකට පෙර හයිට්පිටියේ වෘත්තිය සමිති කිහිපයක් පැවත් වු රැස්වීමට පොලිසිය කිසිදු බාධායක් සිදු නොකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඕනෑම පක්ෂයකට හමු පැවැත්වීමට, රැස්වීම් පැවැත්වීම , හැකියාව ඇති බවත්, හෙතෙම කීය.

ජනබලවේගය සමාජිකයන් විහාර මහාදේවි උද්‍යාපනය හා ඒ අවට රැදී සිටීමට හා ලිෆ්ටන් වටරවුමේ රැස්වීම් පැවැත්වීමට පොලිසිට කිසිදු බාධායක් සිදු නොකළ බවත්, මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර කරමින් පෙළපාලි නොයන ලෙසට පොලිසිය ඔවුන්ට දැනුම් දී එම පෙළපාලිය නැවැත්වීමට කටයුතු කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටක් කීය.

Lankadeepa