Saturday, October 26, 2024
Follow Us
භූ කම්පන ගැන බුත්තල හා වැල්ලවාය ජනතාව දැනුවත් කරයි

මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ජනතාව භූ කම්පනයන් සිදු වූ අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම් සහ අත්පත්‍රිකාබෙදා හැරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි.

පෙබරවාරි මස මොණරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තල පැලවත්ත සීනිකර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් විය.දෙවැනි භූකම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වැනි දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භුකම්පනය වාර්තා විය.

මෙම භූ කම්පන පිළිබඳව අධ්‍යයනයන කිරීම සදහා භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබඳව අධ්‍යනය කර අතර එම වාර්තාඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම දැනුවත්කිරීමේ වැඩසටහ සඳහා මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකයේ නිලධාරීන් සහභාගීවු අතර ඉදිරියේ දී මොණරාගල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.