Saturday, October 26, 2024
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයේ සිද්ධිය ගැන කඩිනම් පක්ෂණයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (23) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා හා අධ්‍යාපන ලේකම් විසින් වෘත්තීය සමිති නායකයන් මුණ ගැසී අද (24) සාකච්ඡාවක් පවත්වා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පැමිණීමත් සමග ඇති වූ කලබලකාරී වාතාවරණය තුළ සිව්වන මහලේ රැස් වී සිටි ගුරුමාරු මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳ ව සාකච්ඡාව පැවැත්විණි.

එහි දී වෘත්තීය සමිති මගින් කරන ලද ඉල්ලීම මත, අමාත්‍යාංශ පරිශ්‍රය තුළ හතර වන මහලේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂණයක් සිදු කර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට තීරණය විය.

ඒ අනුව මාර්තු මස පළමු වෙනි දින වනවිට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.