Saturday, October 26, 2024
Follow Us
"සුව ධරණී-සුව දැක්ම" - දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය - 2023

දේශීය වෛද්‍ය හා ආයුර්වේද  ක්ෂේත්‍රය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා එහි උන්නතිය වෙනුවෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරනුලබන  "සුව ධරණී - සුව දැක්ම දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය - 2023" පෙබරවාරි මස 22 සහ 23 දෙදින බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට නියමිතය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනය වෙත පැමිණෙන ජනතාව වෙත ළමා හා කාන්තා රෝග සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්ය ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සර්වාංග රෝග සදහා පාරම්පරික, ආයුර්වේද, හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් නොමිලේ ලබා ගත හැකි අතර ප්‍රදර්ශනය දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ  අලෙවි කුටි / ආයුර්වේද රූපලාවන්‍ය සේවාවන් / පංචකර්ම චිකිත්සක සේවාවන් සහ වස විසෙන් තොර දේශීය ආහාර අලෙවි කුටි මෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතිකාංග රැසකින් සමන්විතයි.

නිරෝගීමත් ජනතාවගෙන් සපිරි දේශයක් ගොඩනැගීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙම වැඩපිළිවෙළ සංවිධානය කර තිබේ.