Saturday, October 26, 2024
Follow Us
දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගයට ( 2023) අයදුම්පත් කැඳවයි

දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගයට ( 2023) අයදුම්පත් කැඳවා තිබේ.

අදාළ විභාය සඳහා අයදුම්කරන දහම් පාසලක ගුරුවරුන් මාර්තු මස 15 දිනට අවම වශයෙන් මාස 06ක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිය යුතු අතර අඛණ්ඩව දහම් පාසලක ගුරුවරයෙක් ලෙස කටයුතු කර තිබිය යුතුය.

දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය පිළිබඳ සියලු තොරතුරු හා අයදුම්පත https://forms.office.com/r/9S8Efs9BLB වෙතින් ලබාගත හැකි අතර මාර්ගගත ක්‍රමයටද අයදුම්පත් යොමුකිරීමේ පහසුකම සලසා ඇත.

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය 2023 ජුනි මස 17 දිවයිනම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 25 දී පැවැත්වීමට නියමිතය. දහම්පාසල් ගුරුවරුන්ගේ දහම් දැනුම වර්ධනය කිරීම, සේවය අගය කිරීම හා උසස් අධ්‍යාපනයට නැඹුරු කිරීම මගින් සමාජ පිළිගැනීමක් ලබා දීම අරමුණු කර ගනිමින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙම විභාගය පැවැත්වීමට සංවිධානය කර ඇත.