Saturday, October 26, 2024
Follow Us
හෙට පස්වරු 7.00ට රටම අදුරු වෙන්න යන්නේ

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව හෙට (20) රාත්‍රී 7.00 ට සියලු විදුලි පහන් නිමා දමන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අනුරුද්ධ සෝමතුංග මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි

"හෙට දවස තුළ දී පස්වරු 7ට ඔබේ නිවසේ විදුලි පද්ධතිය ටිප් ස්විච්චයෙන්ම නිමා දමන්න. විදුලි පහන්, උපකරණ භාවිතය අත්හරින්න. පද්ධතියෙන් ඉවත් වෙන්න. ඔබේ විදුලි පහන් නිවා දමන්න. ඒ බලපෑම සංකේතවත්ව අපි ජනගත කරමු."