Saturday, October 26, 2024
Follow Us
මහා ශිවරාත්‍රියට ජනපතිගෙන් සුබ පැතුම්

එකිනෙකා පිළිබඳව වන අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා ශිව රාත්‍රිය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ .


ජනාධිපතිවරයා නිකුත් කළ සම්පූර්ණ මහා ශිවරාත්‍රි දින සුබපැතුම් පණිවිඩය පහත සඳහන් වේ.

" ශිවරාත්‍රි උත්සවය බැතියෙන් සමරන සමස්ත හින්දු ජනතාවට මාගේ සුභාශිංසන පිළිගන්වමි.
ලොව ජීවත්වන සියලුම ජිවීන් පීඩාවන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොව පුරා හින්දු බැතිමතුන් මෙලෙස ශිවරාත්‍රි දිනයේ දී සිහිපත් කරනු ලබයි.
නිරාහාරව රැය පහන් කරමින් ඔවුන් උපවාසයේ යෙදෙන්නේ “අඳුර දුරලා ආලෝකය පැතිරේවා” යන ප්‍රාර්ථනය පෙරදැරිවය. එමෙන්ම එකිනෙකා අතර සාමය, සමගිය, සමානාත්මතාව වර්ධනය කර ගැනීම ද මෙයින් අපේක්ෂා කෙරේ.
එකිනෙකා පිළිබඳව වන අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව අපට රටක් ලෙස ඉදිරියට යා නොහැකියි. මේ ආලෝකවත් ශිවරාත්‍රියේ දී අප අතර සබඳතා තර කරගැනීමට අදිටන් කරගතහොත් රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගනිමින් සාමය, සංහිඳියාව සහ සමෘද්ධිය සපිරුණු රටක් නිසැකවම අපට ගොඩනඟාගත හැකි වනු ඇත.
මහා ශිවරාත්‍රි දින දැල්වෙන පහන් ආලෝකයෙන් සියලු දුක්ඛ දොම්නස්සයන් නිමා වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වේවා යි ! ප්‍රාර්ථනය කරමි."
மகா சிவராத்திரி செய்தி.
" சிவராத்திரி விரதத்தை பக்தியோடு அனுஷ்டிக்கும் அனைத்து இந்து மக்களின் வேண்டுதல்களும் நிறைவேற பிரார்த்திக்கிறேன்.
உலகெங்கிலும் உள்ள இந்துகள் சிவராத்திரி நாளில் அனைத்து உயிர்களையும் துன்பத்திலிருந்து காப்பாற்றும் நோக்கத்துடன் சிவபெருமானை வழிபடுகின்றனர்.
“இருள் நீங்கி ஒளி பரவட்டும்” என்ற பிரார்த்தனையுடன் கண்விழித்து இரவு முழுவதும் பிராத்தனை செய்கின்றனர்.
இது ஒருவருக்கொருவர் அமைதி, நல்லிணக்கம் மற்றும் சமத்துவத்தை வளர்க்கும் என்றும் எதிர்பார்க்கப்படுகிறது.
பரஸ்பர மரியாதை மற்றும் ஒருவருக்கொருவர் நம்பிக்கை இல்லாமல் ஒரு நாடாக நாம் முன்னேற முடியாது.
சிவபெருமானின் இந்த பிரகாசமான இரவில் நாம், நமது உறவுகளை வலுப்படுத்த முடிவு செய்தால், நாடு எதிர்கொள்ளும் அனைத்து சவால்களையும் கடந்து, அமைதி, நல்லிணக்கம் மற்றும் செழிப்பு நிறைந்த நாட்டை நாம் நிச்சயமாக கட்டியெழுப்ப முடியும்.
மகா சிவராத்திரியில் ஏற்றப்படும் தீப ஒளியால் அனைத்து துன்பங்களும் நீங்கி, வளமான இலங்கையின் கதவுகள் திறக்கப்பட வேண்டும் என்று நான் பிரார்த்திக்கிறேன்."

Maha Shivaratri Message.

"On the occasion of Maha Shivaratri, I wish to extend my blessed best wishes to all Hindu devotees who are celebrating this auspicious festival with great devotion. This day holds special significance for Hindu the world over the world as they commemorate the sacrifice that Lord Shiva had made to free all living beings from suffering.
On this day, devotees fast all night with the intention of removing darkness and spreading light. By observing this fast and performing other rituals, it is believed that it could help develop peace, harmony and equality among each other.
As a nation, we cannot move forward without mutual respect and trust in each other. Therefore, let us use this occasion of Maha Shivaratri to strengthen our relationships and work towards overcoming the challenges that our country is facing. Together, we can build a prosperous Sri Lanka that is marked by peace and harmony.
I am confident that the lamps lit on this day of Maha Shivaratri will bring brightness and prosperity to our nation. May Lord Shiva bless us all with his divine grace."