Saturday, October 26, 2024
Follow Us
ෂාෆ්ටර්ගේ මරණයට හේතු සොයන්න පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(17) නියෝග කර තිබේ.
 
ඒ අනුව ෂාෆ්ටර් මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල පරස්පරතා දක්නට ලැබුණු බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිතය.
 
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මීට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කළාය.
 
අනතුරුව පැමිණිල්ල පෙබරවාරි මස 20වැනිදා කැඳවීමට ද නියම කෙරුණි.
 
මෙම සතිය මුලදී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට (JMO) සහ රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කරන ලද්දේ 52 දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සිරුරේ නිදර්ශක පරීක්ෂා කිරීමට හෝ විමර්ශන කටයුතු සඳහා ලබාගෙන තිබේ නම් ඒවා සංරක්ෂණය කරන ලෙසයි.