Saturday, October 26, 2024
Follow Us
ජනරජ පෙරහැර 17 දා

75 වන නිදහස් දිනට සමගාමිව පස්වන වරටත් පවත්වනු ලබන ජනරජ පෙරහැර පෙබරවාරි මස 19 වන දින ප.ව 6.30 ට මහනුවර ශ්‍රි දළදා මාළිගා පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

අද‍ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා පැවසුවේ, කඩා වැටි තිබු සංචාරක කර්මාන්තය නැංවිම සඳහා මෙය මහත් පිටිවහලක් වන බවයි.ශ්‍රී ලාංකේය ඓතිහාසිකත්වය පිළිබිඹු වන ලෙසින් මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ අවසර ,අනුශාසනා පරිදි දියවඩන නිළමේවරයාගේ අනුග්‍රහය පරිදි මෙය සංවිධානය කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

කිසිදු අය කිරිමකින් තොරව දේශිය හා විදේශිය සංචාරකයින්ට නැරඹිමේ අවස්ථාව සලසා දි ඇති බවත්,එසේම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තානාපති කාර්යාල, මහකොසාරිස් කාර්යාලවලට ආරාධනා කර තිබෙන බවත් තානාපතිවරු හා මහ කොමසාරිස්වරු මේ සඳහා සහභාගි වීමට නියමිත බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය හා ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිළමේ ඒකාබද්ධව ජනරජ පෙරහැර සංවිධානය කරයි.