Saturday, October 26, 2024
Follow Us
CISM වෙරළ වොලිබෝල් තරගාවලිය මීගමුව වෙරළ තිරයේදි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) වෙරළ වොලිබෝල් තරගාවලියේ මුලික වටයේ තරග මිගමුව වෙරළ තිරයේදි ආරම්භ කර තිබේ.

පළමු වටයේ තරග සඳහා ප්‍රංශය, ඡර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සවුදි අරාබියාව කොලොම්බියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝඡනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූහ.


තවද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය (CISM) වෙරළ වොලිබෝල් තරගාවලියේ සත්කාරකත්වය මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර මෙම තරගාවළිය 2023 පෙබරවාරි මස 13 වන දින සිට පෙබරවාරි මස 17 වන දින දක්වා මීගමුව වෙරළතීරයේදී පැවැත්වෙන අතර මෙම තරගාවලිය මහජනතාව හට නොමිලේ නැරඹීමටද මෙහිදි අවස්ථාව සලසා ඇත.