Saturday, October 26, 2024
Follow Us
Quick Services Restaurant Crew Member NVQ – Level 4 පුහුණුවක්  

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා Gamma pizzakraft Lanka (pvt) ltd ආයතනය හා එක්ව අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අනුව එහි ප්‍රථම පියවර ලෙස Quick Services Restaurant Crew Member NVQ – Level 4 පාඨමාලාව ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු පසුගියදා ඔරුගොඩවත්‍ත කොරියානු ජාතික වෘත්‍තීය පුහුණු ආයතනයේදී හා නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී සිදු කෙරිණි.

ඇඑහිදී මූලික වශයෙන් ඔරුගොඩවත්ත කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ නවීන උපකරණ සහිත නවීන පහසුකම්වලින් යුත් වැඩහලක් (Work shop) හා නව පංති කාමරයක් Gamma pizzakraft Lanka (pvt) ltd ආයතයේ අනුග්‍රහයෙන් සකස් කර ශ්‍රී ලංකා වෘත්‍තීය පුහුණු අධිකාරිය වෙත භාර දෙන ලදී.

එහි ඊළග ආරම්භය නාරාහෙන්පිට ජාතික වෘත්‍තීය පුහුණු ආයතනයේ දැනට බේකරි පාඨමාලාව පවත්වන පංති කාමරය නවීකරණය කරමින් නව උපකරණ ලබා දෙමින් වඩාත් සිත්ගන්නා සුලු ආකාරයෙන් සකස් කර නව පාඨමාලා ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු Gamma pizzakraft Lanka (pvt) ltd ආයතනය මගින් සිදු කරයි.

මෙහි පාඨමාලා ආරම්භය නුදුරේදීම ඔරුගොඩවත්‍ත කොරියානු ජාතික වෘත්‍තීය පුහුණු ආයතනයේදී හා නාරාහෙන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී ආරම්භ කිරීමට නියමිතයි.