Saturday, October 26, 2024
Follow Us
තරුණ තරුණියන්ට නොමිලේ වෘත්තීය පුහුණුවක්

නැගෙනහිර පළාත් සභාව සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ප්‍රවේශ වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා ආරම්භ කෙරිණි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවති අතර මේ සම්බන්ධයෙක් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරිණි.

ඒ අනුව තාරුණ්‍ය බලගැන්වීම උදෙසා පැවැත්වූ මෙම වැඩසටහනේ දී පවතින භෞතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම පිළිබඳවත්, විදේශ රැකියා (කොරියාව, ජපානය) අපේක්ෂිත තරුණ ප්‍රජාව උදෙසා භාෂාව පමණක් නොව විෂයානු බද්ධ අනෙකුත් දෑ ඇතුළළත් පැකේජයක් සකස් කිරීමත්, දින හතම තරුණ ප්‍රජාවගේ අධ්‍යාපනය උදෙසා වෘත්තීය පුහුණු ලබා දෙන ආයතන විවෘතව තැබීමත්, ක්‍රීඩා සංචිත සදහා ලබා දෙන මුල්‍ය ප්‍රදාන පිළිබඳවත් අදහස් පළ වී තිබේ.
තවද අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමකට කටයුතු කර ඇති බව සහ ක්‍රීඩා උපකරණ සදහා බදු සහන ලබා ගැනීම පිළිබඳවත් මෙහි දී අවධානය යොමුව ඇත.
වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාතික තරුණ සේවා සභාව, පළාත් සභාව, ජාතික යොවුන් සේනාංකය, කුඩා ව්‍යාපාර අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන ආයතනවල ඒකාබද්ධ දායකත්වයෙන් දීප ව්‍යාප්තව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම හා ඌව යන පළාත් වල මෙම වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කොට ඇත.