Saturday, October 26, 2024
Follow Us
ජනතාව ආහාර ගැනීම අඩු කරලා 

මෙරට ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණා පා ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ දෙසැම්බර් මස සමීක්ෂණ වාර්තාව අනාවරණය කර තිබේ.

‍ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසය තුළ සිදුකළ සමීක්ෂණ වාර්තාව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශයට පත් කර ඇත.

 ඒ අනුව ජනගහණයෙන් 35%ක් තමන් ලබාගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩුකර ඇති බව එහි සඳහන් වෙයි.

 එමෙන්ම ජනගහණයෙන් 67%ක් තමන් ප්‍රිය කරන ආහාර පරිභෝජනය අඩු කර ඇති බව වාර්තාවේ දැක්වෙයි.

 ජනගහණයෙන් 43%ක් සිය ආහාරවල ප්‍රමාණය අඩුකර තිබේ.

 ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින අතර වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වී ඇත්තේ ඌව පළාතෙනි. එය 43%කි.

අඩුම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වන්නේ උතුරු පළාතෙන් වන අතර එය 25%කි.

වතුකරයේ පවුල්වලින් 38%ක්, ග්‍රාමීය ප්‍රදේශවල පවුල්වලින් 34%ක් හා නාගරික පවුල්වලින් 28%ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින බවද වාර්තාව වැඩිදුරටත්  සඳහන් වේ.